
ඉතිං ආයුබොවන්ඩ.... ඔන්න මම අලුත් බ්ලොග් පිටුවෙ මුල්ම කතාව දාන්න කියලා හදන්නෙ (අලුත් බ්ලොග් පිටුව කියල කිව්වෙ මීට කලින් මම බ්ලොග් 2ක 3ක්ම ලිව්ව. පස්සෙ එව්ව නැවතුනා. දැන් එව්වගෙ නම්වත් මට මතක නෑ කියන්නෙ...). සිංහල දෙමළ අලුත් අවුරුද්දට පස්සෙ ඔන්න මං සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියලම පටන්ගන්නම්කො.
මේක මේ මම ඇතුළු මගේ යලුවොන්ට වෙච්ච ආතල් පිරි සිද්දිමන්ට් එකක්. කතාවෙ නම දැක්කම හිතන්න එපා මේක නාට්ටියක්ක කියල. ඒ අපි අ.පො.ස. උ/පෙ කොරන කාලෙ. ඒ දවස්වල අපෙ විනෝදාංශයක් තමා කස්ටිය එක්ක වේදිකා නාට්‍ය බලන්න යන එක. මොකද කරාපිටියෙ මෙඩිකල් කොලේජියෙ (Medical Faculty) තමා තිබ්බෙ ගාල්ලෙ හොඳම Auditorium එක(නුවර එළියෙ climateඑක ගන්න A/C එහෙම කොරල තියෙන්නෙ.). ඉතිං ඒක අපෙ ගෙවල් ළඟ හින්ද අපි ඔකෙ පෙන්නන නාට්‍ය බලන්න ගියා. (මෑන් ද මෑන්, සිංහබාහු, මනමේ, ගුරු තරුව,........ අය්යෝ සල්ලි කියල හිතෙනො.. බලපු නාට්‍ය කන්දරාවට.)
එදා අපි බලන්න ගියෙ දයානන්ද ගුණවර්ධන මහත්මයගෙ ජසයා සහ ලෙංචිනා සමඟ නරි බෑණා නාට්‍යය. (දන්න සිංහලෙන් කිව්වොත් ඉතින් ජසයා සහ ලෙංචිනා ft. නරිබෑණා). අපි කිව්වෙ මතක විදියට මමයි, උදා, ජයේ, සාරි, තව අපෙ ස්කොලෙ මල්ලිල 2/3න් දෙනෙකුයි තමා ගියෙ. (කෙටි නම්වලින් දැම්මෙ දන්න කස්ටිය විතරක් දැනගන්න.) අපි වාඩිගෙන හිටියෙ බිම් මහලෙ වේදිකාව කෙලින්ම පිටිපස්සෙම row එකෙ. මුලින් පෙන්නන්නෙ ජසයා සහ ලෙංචිනා. ඒක බලපු කස්ටිය දන්නවනෙ එකෙ තියන විනොදෙ. :P. විජය නන්දසිරි මහත්තයා තමා ජසයට පණ පෙව්වෙ මට මතක විදියට. ඉතින් ඕකෙ අපි විසිල් ගහල, කෑ ගහල පට්ට රසක් ගත්ත. (එදවස අප විසිල් ආදී රසවින්දනයට අවශ්‍ය වන ද්‍රව්‍ය නෘත්‍ය ශාලාවට රැගෙන යම්හ.) විවේකෙන් පස්සෙ ඔන්න නරිබෑණා පටන්ගත්ත. පොතේ ගුරු ඇවිල්ල නාට්‍ය සමාරම්භය සනිටුහන් කොලා කියමුකො.
ඔන්න ඊට පස්සෙ නරියා (රොඩ්නි වර්ණකුල මහතා) හෙමින් හෙමින් ආව වේදිකාවට. කස්ටිය දන්නවනේ ඉතින් නරියා මුලින්ම කියන වචන ටික. (8 ශ්‍රේණිය සිංහල පොතේ නරිබෑණා නාට්‍යය මතක ඇතැයි සිතමි.)
නරියා : මම මේ... කැලේ ඉන්න නරියෙක්.....
මෙහෙම කිව්ව විතරයි අපෙ එකෙක් කියපි "ආ.....ඇත්තද......?????" කියල.....ඒ එක්කම ඌ විසිල පාරකුත් ගැහුව.(අදාල පුද්ගලයාගේ නම සඳහන් නොකිරීමට මම සදාචාර සම්පන්න වෙමි.) බලන්න ආපු සෙනඟට පට්ටෙට හිනා... :D :D :D :D. හැබැයි රොඩ්නිට (නරියට ) මලේ මල. මෑන්ස් නාට්‍යය නවත්තල අපෙ පැත්තට අඟිල්ල දික් කොරල කියපි "මේ පැත්තෙන් කෑ ගැහිල්ලක් ආව. ඔහොම කෑ ගැහුවොත් නම් ඉතින් අපිට නාට්‍යය නවත්තන්න වෙනව. කෑ ගහන්නෙ නැතුව silent එකෙ නාට්‍යය බලන්න." කියල. දැන් සෙනඟ අපේ පැත්ත බලනව, උන් අර කියපු එකට හිනාවුණෙ නෑ වගෙ. (හොඳ වෙලාවට ලයිට් නිවල තිබ්බෙ. නැත්නම් විනාසයි. :P) ඊට පස්සෙ රොඩ්නි "අපි අයෙ මුල ඉඳන් ගම්මු." කියල අයෙත් වේදිකාවෙන් බැහැල ගිහින් මුල ඉඳන් නාට්‍යය පටන් ගත්ත.
නාට්‍යය බලන කොට තමා අපිට තෙරුනෙ රොඩ්නි මහතා start එකෙදිම අපිට සද්දෙ දැම්මෙ ඇයි කියල....... එදා ගම දුවට ඉඳල තිබ්බෙ අලුත් නිලියක්. සෙනඟ දිගටම කෑ ගැහුවොත් ඒ කෙලීට දෙබස් වැරදිල නාට්‍යය චොර වෙන්න ඉඩ තියන හින්දා නරියා කලින්ම වැඩ ඇල්ලුව.....
පස්සෙ අපි නාට්‍යය ඉවර වෙලා ලයිට් දාන්න කලින්ම ආව. ඒ ගෙදර යන්න රෑ වෙන හින්ද හොඳේ........... එනකොට තමා අර සිද්දියට අදාල පුද්ගලයට සුද්ද සිංහලෙන් දේශනාව දුන්නෙ. මෑන්ස් ඌට නෙමේ වගෙ ආතල් එකෙ ගියා කියහන්කො.....
ප.ලි. :- රොඩ්නි වර්ණකුල යනු ලාංකේය කලා ක්ශේත්‍රයේ සිටින සහ මා කැමතිම අති දක්ෂ රංගන හා ගායන ශිල්පියෙකි.