Saturday, June 16, 2012

කතරගම..............




දිගු ගමනකට පස්සෙ - නැවතුණා වාහනය...
නවාතැන් පොළක් ළඟ - කලින් 'බුක්' ලද...
දන්නේම නැතිව - ඇවිත් කතරගමටම...
'ඉක්මණට ඉක්මණට' - අම්මාගේ හදිස්සිය...
යන්නට හතේ පූජාවට...




මුලින් කිරි වෙහෙර - වැඳ පුදා ගත යුතුය...
එයින් ලද මහඟු පින - අනුමෝදන් කරමු කදිර සුරිඳුට...
එයයි පිළිවෙල - නිසි අනුසස් ලැබුමට...
මා අසා තිබූ එය - සත්‍යයකි සිතන කළ...
බොහෝ දෙන නොදන්නවාට...


කිරි වෙහෙරට - යන පාර..
සුන්දරය පියකරුය - සිත මඳක් සනසවන...
'අනේ අපෙනුත් මල් ගන්න' - නුපුරුදු නොවේ අතරමඟ...
අක්කලා නංගිලා - පොරකති අපට මලක් විකුණන්න...
කිරි වෙහෙර පුදන්නට...




සිතුණි මට - එක දෙයක් ගැන...
භක්තියක් සිතින් ගෙන -  වන්දනාවේ යන්න.. 
පුදබිමකි අපට කතරගම - දොහොත් මුදුන් දී වඳින...
මේ අක්කලා, නංගිලාට - ජීවන මං තෙරයි කතරගම...
බඩ වියත රැකගන්නට...



සැ: ‍යු: -  මෙම නිසඳැස ලපයා විසින් අ.පො.ස. උසස් පෙළ  කේවල ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ "පන්හිඳක අඬහැරය" නිසඳැස් සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී. 


පිංතූර ගත්තෙ: -
http://www.panoramio.com/photo/61667914
http://www.ds.gov.lk/ds/katharagama/english/index.php?p=special_attraction




7 comments:

  1. Replies
    1. thank u wewa!!!!...malli....sahayogayata tuti... :) :)

      Delete
  2. මට මතක් උනේ කතරගමට ට්‍රිප් එකක් ගිය හැටි...මරු ඈ...

    ReplyDelete
    Replies
    1. ඔබේ මතකය අලුත් වුණානම්........ ඒක වටිනව.... තැන්කියු වේවා..!!! මේ පැත්තට ආවට.... :) :) :)

      Delete
  3. කතරගම විතරක් නෙමෙයි..හැම පූජා භූමියක් ළඟම පූජා භූමියම ජීවිකාව කරගත්තු අපේම පිරිසක් ඉන්නව කියල මතක තියාගන්නව නම් වටිනව.
    ඔබේ අදහසට එකෙන්ම එකඟ වෙමි......

    ReplyDelete
    Replies
    1. අනුරාධපුර, පොලොන්නරුව, තිස්සමහාරමය, ........... අනිවා.. සහෝ....මේ තැන්වලත් ඉන්නෙ මේ වගේම පිරිසක්....

      Delete
  4. පැදකුණු කොට එල ද
    සිව් තැනක බස හෙව වැද
    බියෙනකිලි වැල ද
    නිකට ගෙන සිබ කියා පෙම්බ ද

    ලපය දැකපු දේ අපිත් දැකල තියනවා එත් ලපය එක හරියටම දැකල තියනවා ... එක උගේ විදිහ ...
    අර්ථපූර්ණ කවියක් .. අර උත්පාදක ශක්තිය තියනවා ...

    ReplyDelete