Saturday, August 25, 2012

පඩි දවස





ලපය අද කාලෙකට පස්සෙ කඩේ ගියා බඩු ගන්න. (ඉතින් අපිට මොකෝ නේ....) නෑ එහෙම නෙවෙයි. කඩේදි බඩු ගන්න ඇවිත් හිටිය මිනිස්සු දිහා දැක්කම ලප‍යට හිතිච්ච පද පේලි ටිකක් තමා මේ පහලින් දාල තියෙන්නෙ. මේ දවස්වල රටේ වැඩි දෙනෙක්ට කඩේ බඩු ගන්න ගියාම මෙහෙම හිතෙනව ඇති කියල තමයි ලපයට නම් හිතුණෙ. ඒක ඉතින් ලපයට හිතුණු හැටි හොඳේ.......  
*
*
*

අල ලූණු පරිප්පුද
ගෝනියේ දමන රඟ
පොල් මිරිස් තුන පහද
සොයයි කූඩයේ ඉඩ
පාට පිරි එලවලුත් 
පිරෙයි කූඩේ කොනක
කීරි සම්බා කටක්
රස බලන දින කොහිද?
කැකුළු හාලේ බතම
කටට හුරු වී ඇතිද?
කිරි පිටිත් හිනැහිලා
අතවනයි අතරමඟ
අඩු මිලේ කිරි පැකට්
සොයයි මැලවුණු දෑස
මස් බෝල සොසේජස්
අපලයිනෙ ශරීරෙට!!!!!
සබන් දත් බෙහෙත් හෙම
ලාබනම් යයි කූඩෙ කොනකට
මාළු කරියක රසය
දුරස් වේවිද? අපේ මුවඟට
අඩු මිලට සැමන් ටින්
දෙනව කිව් මැති කොහිද?
ටොෆි චොකෝ නෙක පාට
සිහි කළා පුතු මුහුණ
හිම කිරම දෙස බලා
හරව ගත්තේ මුහුණ
මොණර කොල එක දිගට
පියාඹයි මුදලාලි දෙසටම
බිල ගෙවා අත ගත්තා
හිඳිල පඩි පැකට් එක
කවුද වග කියනු මෙව්වට
අනේ!!! කවුදැයි දන්න
දැන් ඉතින් හිටපන්කො
වෙනකම්ම ලබන මස.......


පින්තූරෙ ගත්තෙ:  http://www.sigirihelp.com/Sri%20Lanka%20Money.html


14 comments:

  1. Great Thought man :)

    Katugey badut nathi wey.....

    ReplyDelete
  2. පට්ට.......සහතික ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝදරයා....මෙහෙ ආවට.....:)
      මේ වගේ දේවල් සාමාන්‍ය වෙලා දැන් අපිට...

      Delete
  3. පොල්සම්බලුයි..කැකුලු බතුයි හොඳා බං...! හුටා ...ඒත්..උම්බලකඩ ..අම්මෝ..!!!

    ReplyDelete
    Replies
    1. එකට විසඳුම තමා වෙජිටේරියන් වෙන එක.... :D :D

      Delete
  4. එළ එළ... ඒත් දැන් රේඩියෝ කාරයොත් බඩු මලු දෙනවලුනෙ ගෙදරටම.... ජොබ් කිරිල්ල නවත්තල රේඩියෝ ඇහුව නම් හරි ලු... හික්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක හොඳා 5000හෙ මල්ල 7500 කොරල කියන්නෙ... :)

      Delete
  5. ගොඩක්ම අඩු පඩියක් ගන්න මිනිස්සු කොච්චර දුකෙන් ඇත්ද..අනේ මන්ද.... :(
    ඔබේ පද ටික නම් ඇත්තමයි අපූරුයි සහෝ! :)

    ReplyDelete
    Replies
    1. ඔව් බඩු මිල නගිනව විතරනෙ වෙන්නෙ....පඩිය වැඩි වෙන මානයක් පේන්නම නෑ වගේ.....:(
      සහයෝග‍යට තුති!!!!!!!!!!!!!

      Delete
  6. niyama nisadesa....niyamayi bro..... :) :)

    ReplyDelete
  7. kawiya niyamai...... mulin hituwe kathawak kiyala....ai..kadea giyapu cn ekakne daala tibune...:D :D

    ReplyDelete