Thursday, August 30, 2012

පොල්ගස්.... ඩොට් ඩොට්......


ඔබේ පහසේ
දැවටි දැවටී
මගේ දෙපතුළ විඳින උණුසුම..

අව්ව වැස්සේ
සුවය විඳිමින්
කොහෙ වුණත් මා සමඟ යන එන..

ඩෙනිමට ෂෝටට
පට්ටෙට තිතට
සහෝදරයන් වගෙ හොඳට ගැලපෙන..

දානෙට මරණෙට
ළඟින් හිටියත්
මඟුලකට බෑ ළගින් ඉන්නට..

කොළඹ, නුවර
ඕන තැනක
රට වටේටම කදිමට මැච් වෙන..

ඉඳල හිටලා
පටිය කැඩුණට
මගේ මනාපෙ සදා ඔබහට..

පොල්ගස්
ඩොට් ඩොට්
කියුවිට කාටත් මැවි මැවී පෙනෙන..

ගෙදරින් කොච්චර 
ලෙඩේ දැම්මාට
ආදරෙයි මගෙ "රබර් පෙයාර්" එකට..







පින්තූර ගත්තෙ:- 
http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=32
http://www.elakiri.lk/forum/showthread.php?t=648662&page=106

16 comments:

  1. එකක් කඩුනත් තවෙකක් ගතහැකි
    නොකර මහලොකු වියදමක්
    වගේද පොෂ් ෆෙයර් එකක්

    ReplyDelete
    Replies
    1. අනිවා!! මචෝ..

      පොෂ් පෙයාර් හොඳා
      හැබැයි!!කැඩුණොත් කැඩුණා
      මෙව්වයෙ ගාන සුළු හින්දා
      ආර්ථික ප්‍රශ්නත් විසඳෙනවා

      Delete
  2. හී හී..නියම පද ටික :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි!!!! :) :) :)

      Delete
  3. Replies
    1. තැන්කියු තැන්කියු කිව්ව....!!!! මේ පැත්තෙ ආවට..

      Delete
  4. //දානෙට මරණෙට
    ළඟින් හිටියත්
    මඟුලකට බෑ ළගින් ඉන්නට.// ....අන්න කතාව..!!
    නියම සිතිවිල්ල..!!

    ReplyDelete
    Replies
    1. මගුලකට ඔව්ව දැම්මොත් ඉතින් විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑනෙ.....
      ස්තුතියි සහෝ...!!!!!

      Delete
  5. Replies
    1. තැන්කියු//
      කොහොමෙයි ඉතින්.. කාලෙකින් දැක්කෙත් නෑ....

      Delete
  6. patta gahala, hamat gihin, siduru hedila monawa unat onama tenekata daanna puluwan itin Rubber pair eka thamai.....
    niyama kaviya...lokka...

    ReplyDelete