Wednesday, June 13, 2012

Project එකේ වැඩ හිරවෙලා......"£$%^&




2012 අවුරුද්ද පටන් ගත්තෙ අතල් එකේ.......ඒ මොකද කියනවනම්.. ලපය කරන course එකේ අන්තිම අවුරුද්ද තමා 2012. (හරියට කර ගත්තොත් තමයි. නැත්නම් ඉතින් තව අවුරුද්දක් අදින්න වෙනව සැප කණේ තියාගෙන.) 


පටන් අරන් මුල් සතියෙ ඉඳන්ම ලපයයි බැචාලයි ඔක්කොම දත කෑවේ final year project එකක් හොයා ගන්න. Project එක හැබයි individual....ඒ කියන්නෙ තනියම තමා කරන්න තියෙන්නෙ... 


Project එක තනියම කරන්නත් ඕන.. හැබැයි කලින් කරපුව කරන්නත් බෑ... එහෙම කරනවනම්.. lecturersල කියන අලුත් කෑලි-බෑලි add කරන්නත් ඕන. (මොකද මේක UK course එකක්නෙ. ලොකු කමට කියනව නෙවේ..ලංකාවෙ group උනාට එහේ.. individualලු.) 


කොහොමින් කොහොම හරි Car park එකක් සම්බන්ධ project එකක් තෝර ගන්න ලපයට පුලුවන් වුණා කියමුකො.....


ඊට පස්සෙ Project Proposal එක දීල proposal presentation එකත් කළා කියමුකො.....


ඊට පස්සෙ සිංහල අලුත් අවුරුද්දයි, semester end exam එකයි ආපු හින්දා ලපයට project එක ගැන මතකවත් නැතුව ගියානෙ.... 


ලපයට විතරක් නෙමේ...බැචාල හුඟ දෙනෙකුට එහෙම වෙලාලු... 


Dial එක ඕන බඩු මුට්ටු ටික නම් order කරල ගෙන්න ගත්ත නොවැ.. 


හැබයි ඒ මුකුත් මේ සතිය වෙනකම් ඇල්ලුවෙවත් නෑ... මේ සතියෙ ඉඳන් ලපය එව්ව අතපත ගාල හෝ ගාල වැඩ පටන්ගත්ත.....


මොකද දන්නවද??...මේ මාසෙ අග project එකෙ progress එක බලන viva එකක් තියනව කියල ආපු ආරංචියට..... 


දැන් ලපයා ඉරාගෙන project එකේ වැඩ කරන්නෙ.... ඒ මොකද progress viva එකේදි project එක 50%ක් ඉවර කරල තියෙන්න ඕනෙයි කියල කතාවක් යන හින්ද.... 50% බැරි නම් 35%ක් වත් කරගන්න පුළුවන් වෙයිනෙ... 



ලපයට දැන් මතක් වෙන්නෙ... ලපයගෙ තාත්තා, ලපය උ/පෙ කරන කාලෙ ලපයට කිව්ව කතාවක්.... 
"ඕයි, තමුසෙ විභාගෙට කලින් දවස වෙනකං ඉන්නෙ නැතුව... දැන් ඉඳන් ටික// පාඩම් කරපිය.." කියල.... 


එතකොට ලපය කියපු කතාව මොකද්ද දන්නවද??
 "අයියෝ තාත්තෙ...මම නිකන් පකිස්තාන් Cricket team එක වගේ... මුලින් ලෑල්ල දාල පස්සෙ අන්තිම හරියෙ අෆ්‍රිඩි ගහනව වගේ.. 6 ඒව ටිකක් ගහල මැච් එක ගොඩ දානව"කියල. 


උ/පෙ නම් ෂේප් උනා.... 


දැන් තමා තේරෙන්නෙ..තාත්තගෙ කතාවේ වටිනකම......


ඕනම වැඩක් කරද්දි මුල ඉඳන්ම ටික ටික ඉස්සරහට යන එක තමා හොඳ....
(ලපය බක පණ්ඩිත සීන් දානව කියල හිතන්න එපා....ලපයත් ඉස්සරහ එන වැඩ ඔක්කොම එහෙම කරන්න තම හිතාන ඉන්නෙ...) 


පිංතූරෙ ගත්තෙ: - http://permanentstressrelief.com/




12 comments:

  1. ඇති යාන්තම්....දැන්වත් මොලේ පෑදිච්ච එක.....:D :D :D.......ඉස්සරහ වැඩ ටික sure එකට කියපු විදියට කරයිද??????

    ReplyDelete
    Replies
    1. ඒක තාම මටත් sure නෑ..... :D :D :D

      Delete
    2. හෙ හේ......sure කරගනින්...... :P

      Delete
  2. Replies
    1. මොකද හිනාවෙන්නෙ....හ්........???? :P :P
      තැන්කියු වෙවා!!!!! මේ පැත්තට ආවට.... :) :) :) :)

      Delete
  3. dan mko project ttwe ? kale wa hospital admit korala :/

    ReplyDelete
    Replies
    1. project eka nam hemin kereegena yanawa......
      moka??? kalata mokada welaa tiyenne..????

      Delete
  4. අෆ්‍රිඩි මචෝ... හැමදාම 6 එව්ව ගහන්නෙ නෑ කියලත් මතක තියා ගනින්.....හික්ස්....

    ReplyDelete
  5. "ලපයත් ඉස්සරහ එන වැඩ ඔක්කොම එහෙම කරන්න තම හිතාන ඉන්නෙ" ෂුවර් ද? ලොල්... එහෙමම කලා නේ? එක නේ අපේ බොඩිම පැත්තෙ ආවෙ අඩේ අර DB එක ගහල දීපන්කො අනිද්ද ප්‍රසන්ටේෂන් කියලා.... අපි ඔක්කොම එකයි බං... කොහොමත් අපි වැඩ කරන්නෙ අන්තිම මොහොතෙ තමයි...

    ReplyDelete
    Replies
    1. උඹ ඒ කතා මේකෙ දැම්මද????? :O :O :O...... චරිත ඝාතනයක්... ;) ;)

      Delete