Saturday, August 18, 2012

මැම්බර් තුමා


තොරණ බැඳලා
බැනර් ගහලා
බලා ඉන්නව
පුල පුලා....

වාහන පෝලිමයි
වටේට සීයයි
'අයිනට අයිනට'
කිය කියා....

'ආයුබෝවන් ආයුබෝවන්
සැමට සුභ සිරි වාසනාවන්'
මැදින් යයි තේජස්
ද දා....

ගමට පාරක්
ගෙයට එළියක්
දෙනව කියනව
හිස නමා....

වලේ බැහැලා
ගලක් තියලා
සිනහ වෙයි දත්
කැකුළු පාලා....

ගිය පාර වගෙ
මෙදාපාරත්
කතිරෙ ඉල්ලයි
පෙන්නා කොකා....



පින්තූරෙ ගත්තෙ: http://bandaragama.wordpress.com/tag/central-bank-of-sri-lanka/

14 comments:

  1. අන්නහරි මචං ඔහොම තමයි කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වට සුදු වෑන් ඒවිද දන්නෙ නෑ..... :O :O
      ස්තුති වේවා!!!! සහෝ.....

      Delete
  2. අපුරු කවි ටික :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි!!!!!! :) :)

      Delete
  3. වටේ යන්න, පන්සීයට
    සෙට්වෙන්න, බෝතලේකට
    කන්න ඕන, හැටියකට
    කැමතිනම් සෙට් වෙන්න...ඔහොම කියන්න ඔන නෑ.ආරංචියටත් කොච්චර පස්සෙන් යනවද?

    ReplyDelete
    Replies
    1. එකනෙ "බෝතල් කාලයි, බත් පැකට් එකයි, පෝස්ටරුත් ගැහුවත් මට රුපියල් 100යි" කියල සිංදුවකත් තියෙන්නෙ.... :P :P
      ස්තුති වේවා!!!! මේ පැත්තට ආවට......:)

      Delete
  4. ගින්දර කවි පන්තිය.....:)

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා....මචන්...

      Delete
  5. kochchara kiwwat minissu muntamane chande denne...
    melo rahak naa itin....
    kavi newei poth liwwat wedak naa..mcho.....

    ReplyDelete