Friday, May 11, 2012

බයිලාවලට යටවුණු අපේ ඉතිහාසය........


ආයුෂ බොහෝ වේවා!!!!!! කියල ප්‍රාර්ථනා කරන ගමන්ම මේ හදන්නෙ...අලුත් පෝස්ටුවක් දාන්න. මේක මම මේ කොළඹ සිට ගාල්ල බලා එන අතරෙ බස් එකේ වෙච්චි දෙයක්. 


මම එදා අවේ මාතර-කොළඹ බස් රථයක (සාමාන්‍ය ගාස්තු ). බස් එක ප්‍රයිවට් බස් එකක්. කවුරුත් දන්නවනෙ ප්‍රයිවට් බස් වල ඉතින් බයිල, සජීවී ප්‍රසංග එහෙම වරදින්නෙ නෑ කියල. දැන් ඉතින් බස්වල TVත් set කරලනෙ තියෙන්නෙ. ඉතින් මම අපු බස් එකෙත් ඔය වගේ සද්දෙට සිංදු දාල තිබ්බෙ. ඔහොම එනකොට හික්කඩුව හරියෙදි  බස් එකට නැග්ග පොත් විකුණන මනුස්සයෙක්. කවුරුත් දන්නවනෙ..ඉතින් හොඳට තෙල ගහල බස් වල පොත්, සෙල්ලම් බඩු, දත් බෙහෙත්  විකුණන හැටි. ඉතින් අර මනුස්සය විකුණන්න ගෙනාවෙ ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන්ගෙ වැදගත් තොරතුරු ඇතුළත් පොතක්. ඒ කියන්නෙ රටේ ඉතිහාසය පිළිබඳ පොතක්. පොත් සාප්පුවලින් ගන්න ගියොත් බර ගාණක් වෙන්න පුලුවන් පොතක්.


අර මනුස්ස‍ය දැන් පොත ගැන විස්තර කරනව. ඒ විස්තර මොනවත් බස් එකේ කාටවත් අහෙන්නෙ නම් නෑ. ඇයි බස් එකේ රේඩියෝ එකේ බයිලයක් යනව කණ පැලෙන ගානට. ඒ මනුස්සය පොත පෙරල පෙරල විස්තර කරපු හැටියට නම් ඒක පාසල් යන නොයන කාටත් වැදගත් පොතක් කියලයි මට හිතුනෙ. කොහොමහරි ඉස්සරහම හිටිය දෙතුන් දෙනෙක් එකේ වැදගත්කම ඇහුණ නිසාද කොහේද පොත සල්ලිවලට ගත්ත. පොත් විකුණනපු මනුස්සය බස් එක මැද්දෙන් තෙරපි තෙරපි පිටිපස්සට ඇවිල්ලා පස්සෙ දොරෙන් බැහැල ගියා. 


මේ සිද්දියෙන් පස්සෙ මගේ අසුනෙ හිටපු uncle මගේ පැත්තට හැරිල කිව්වේ.... "දැක්කනෙ පුතා..ඉතිහාසෙ, බයිල වලින් බාල්දු වෙච්ච හැටි. ඉතින් කොහොමද රට හැදෙන්නෙ..." කියල.  සිද්දිය එතනින් ඉවරයි. 



පසු සටහන :- 
මට ඒ uncleගෙ කතාව ටියුබ් ලයිට් වගේ ටිකක් වෙලා ගිහින් තමා මීටර් වුණෙ. අද රටේ පාලකයොත් ජනතාවට කණ පැලෙන්නෙ බයිලනෙ කියන්නෙ. ඉතින් ජනතාවට ඉතිහාසය, සාහිත්‍යය, රටේ අනන්‍යතාවය ගැන මේ ලෝකෙ හැඟීමක් නෑ. මෙන්න මේක තමා රට එක තියෙන්න හේතුව කියල ලප‍යට හිතුණෙ.


"සාහිත්‍යය කන්නද?" කියල කව්ද ඇහුවලුනෙ ඒ දවස්වල. 


හැබැයි ඉතිහාසය, සාහිත්‍යය, රටේ අනන්‍යතාවය පිළිබඳ අවබෝධය ලබාගෙන ඒවයින් ගන්න පුළුවන් දේවල් අරගෙන ඉස්සරහට යනව මිසක් එව්ව ඔලුව උඩ තියාගෙන ගිහින් හරියන්නෙත් නෑ...... කියල තේරුම් ගන්න වෙනව කියලත් ලප‍යට තේරුණ.......


පින්තූරය ගත්තෙ :- http://sundaytimes.lk/071111/FunDay/mahawamsa.html

11 comments:

  1. machan digatama blog eka liyaapan
    apen suba pa thum

    ReplyDelete
    Replies
    1. aniva...mchn.....digatama liyanna thama inne...
      thanx...mchn.... (Y)

      Delete
  2. Replies
    1. thanx mchn...
      umbalage sup eka digatama oona...ok.... (Y)

      Delete
  3. yes..this is true..
    we should concern on our history for future. if not we will not have anything. thumbs up with ur idea. :)

    ReplyDelete
  4. දැන් බං ළඟදි ආපු ෆිල්ම් ටික බැලුවත් ඉතිහාස කතා විකෘති කරල දැනගන්න පුලුවන්....දිගට ලියපන් අපි එන්නම් කියවන්න ජය වේවා....!!! word verification අයින් කරපන්

    ReplyDelete
    Replies
    1. thanx....mchn.......
      word verification ain karana cn eka nam danne naa kollo.... :(

      Delete
  5. අවුල තියෙන්නේ,ඉතිහාසය සාහිත්‍ය වගේ දේවල් නැතුව ළමයෙක් හැදුනම ඌට මෙලෝ රසවින්දනයක් ඇත්තෙත් නෑ, ඌට රට ගැන මෙලෝ කැක්කුමක් ඇත්තෙත් නෑ. ඒ විශයන් අන්වාර්යෙන්ම ඉගෙන්නුවානම්, අද මීට වඩා රටට ආදරේ කරන පිරිසක් ඉන්නවා.මෙහෙට ආදරේ කරන්න,පිටරට යන්නම ඕනේ.ගිය උන්ට තමයි අගේ දැන්නෙන්නේ,හැමදාම ඉන්න අපිට නෙවෙයි

    ReplyDelete