මා අද උදේම තාරක හා ඕෂධ සමඟ (මොවුන් මාගේ බෝඩිමේ මිතුරන් බව මීට පෙර "ඌ තාම Jokerනෙ බං...??" පෝස්ට් එකේදී සඳහන් කර ඇත්තෙමි.) SLIITඑකට ගොස් රු.60 පාන් බගෙ කා පැමිණියේ ඉක්මණට ගෙදර යෑමේ බලාපොරොත්තුවෙනි. එලෙස එන අතරමඟදී අපේ batch එකේ බොනී (බුද්ධික) මුණගැසුණේ SLIIT එකේ ගේට්ටුව අසලදීය. "මචං උඹල කොහේද යන්නෙ?" ඒ බොනීගේ ප්‍රශ්නයයි. "ගෙදර යනව බං" යැයි පැවසූ අපි, ඉක්මණින්ම ඔහුගෙන් සමුගතිමු. තාරක හා ඕෂධ 17 බසයක (පානදුර-මහනුවර) නැගීම සඳහා ගිය අතර මම 177ක නැගී කොල්ලුපිටියට පැමිණියෙමි. විනාඩි කිහිපයක් කොල්ලුපිටියේ සිටි මා මාතර-කොළඹ බසයකට පෙ.ව.9.30ට ගොඩ වූයේ ගාල්ලට පැමිණීමටය.
බසයේ එන අතරමඟ බොනී මා ඇමතීය. නමුත් ඔහු කියු කිසි දෙයක් මා හට නොඇසුණේ ප්‍රයිවට බස් වලට පොදු වූ Hi-Fi සංගීතය නිසාය.(Hi-Fi සංගීතයෙන් ඉතිහාසයට වෙච්චි දේ කියවන්න :O :O.) "මචං මට උඹ කියන මුකුත් ඇහෙන්නෙ නෑ. මං බස් එකේ බං. මං උඹට පස්සෙ call කරන්නම්. ok..." කියා ඇමතුම විසන්ධි කළෙමි.
දෙවියන්ගේ පිහිටෙන් මා ගාල්ලට ගොඩ බසින විට වෙලාව දහවල් 12.20ය. (ගාල්ලට පැය 2 මිනිත්තු 50කි. "රිය සක හැසිරූ දෑතට සම්මා සම්බුදු සරණයි!" මිනිසුන් කෙසේ කීවද... මෙවැනි ප්‍රයිවට් බස් රියදුරන් හට උපහාර පිදිය යත්තේමය. මන්ද යත් දහවල වාහන තදබද අතරේ... පැය 3කින් අපව ගාලු ගෙන එන නිසාය..... :P :P :P :P.)
මා ගෙදරට අඩිය තියනවාත් සමඟ නැවතත් බොනීගෙන් ඇමතුමකි. "මචං උඹ දැන් කොහේද?". "මම දැන් ගෙදර ආව විතරයි බං...." මම පිළිතුරු දුනිමි. "අපි ගාලු ඇවිත් ඉන්නෙ.... දැන් උඹලයි ගෙදර එනව. කොහොමද ගෙදරට එන්නෙ....??". බොනීගේ වදනින් මම මඤ්ඤං වීමි. අද උදේ මුණගැසුණ එකා දැන් ගාල්ලෙ... වෙන්න බෑ//... "උඹල මට බයිටක් දෙන්නද හදන්නෙ... එව්වනම් ටිකක් අමාරුයි කොල්ලො...." මම කෙලින්ම පිළිතුරු දුන්නෙමි. "නෑ// බං සිරාවට.. අපි දැන් මේ කරාපිටියෙ ඉන්නෙ...". "පලයං බං යන්න.... මේකනම් උඹලයි ජෝගියක් තමා..." මට තාමත් බොනීගේ වචන විශ්වාස නැත. "නෑ// බං සීරියස්... මෙතන චූටිත් ඉන්නව." (චූටි හෙවත් පුබුදු ද මාගේ බැජෙකි.) "ඕයි මොහා....අපි කරාපිටියෙ බං ඉන්නෙ. පොඩි වැඩකට hospital එකට ආව. උඹලයි ගෙදරට මෙතන ඉඳන් ළඟයිනෙ.." ඒ චූටිගේ වදන්ය. පසුව මට 'මුන් ටික සැබැවින්ම ගාල්ලේ ඇවිත් බව' ප්‍රත්‍යක්ෂ විය.
ඉන්පසු මාගේ මඟ පෙන්වීමෙන් බොනීත්, චූටිත් අපේ ගෙදරට පාත් වූහ. උන් ගාලු ඇවිත් තිබුණේ...අධිවේගේය. (දක්ෂිණ අධිවේගී මාර්ගය) මා පැය ගාණක් කට්ට කා ගෙදර ආවත් උන් අධිවේගේ ගාල්ලට පැමිණ ඇත්තේ පැයකටත් අඩු කාලයකිනි. කඩුවෙල සිට කොල්ලුපිටියට මාර්ග අංක 177 බසයේ පැමිණීමට පැයකටත් අධික කාලයක් ගතවන බව, අපි අති මිහිරි අත්දැකීම්වලින් දනිමු. නමුත් අධිවේගේ කොට්ටාවේ සිට ගාල්ලට ගතවන්නේ පැයකටත් අඩු කාලයකි. එසේනම් කඩුවෙලට වඩා ගාල්ල කොළඹට ළංවී ඇතුවා නේදැයි කෙනෙකුට සිතීම වරදක්ද නොවේ.
"මචං.... අපි ගාල්ලේ ආව.....දැන් උඹලැයි ගෙදර එනව......" යන වදන් පෙලට පිළිතුර මීට වසරකට කලින් නම් "අනේ පලයං බං යන්න......ආවනම් මෝඩ ඇළෙන් නාල වරෙන්..."යන්නය. දැන් පිළිතුර... "හා හා..වරෙන්.//" යන්න නොවේද?..... :D :D :D :D
ප.ලි. :- ෂික්!!! අපරාදෙ මට උනුත් එක්ක සෙට් වෙල ගාලු එන්න තිබ්බනෙ....ඉරාගෙන බස්වල කටු කන්නැතුව......... :( :( :( :(

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දර්ශනයක් |

ලපයා විසිනි.
පිංතූරෙ ගත්තෙ: - http://www.itnnews.lk/latest/wp-content/uploads/2011/12/hw003.jpg
he he...... Weddo paarawal dekka wagei... umbala adhiweaga dakina eka.... LOL,.....
ReplyDeleteea kiyanne machan.. umbalai pette (petta kumakdei nodanimi...).... adhiwega pirilada??? LOL...........
Deleteanyway thnx.. 4 da comment.....
උඹලට කිරි
ReplyDeleteඅපිට කැකිරි....ද???? :( :( :(
එහෙම වෙන්ටැ....මයෙ හිතේ.... :D :D :D
Delete