Tuesday, May 15, 2012

බල්ලගෙ පිටින් දාල බේරුණ බූරුවො ටික...

ඉතිං..දීර්ඝායුෂම ලැබේවා!!! කියලම පටන් ගන්නම්කො. අදත් ඉතින් මම මේ හදිස්සියෙම මීටරේට වැටිච්ච සිද්දියක් තමා දාන්න කියල බැලුවෙ. මේක ඉතින් සොඳුරු පාසල් සමයේ රස කතා ගණයට තම වැටෙන්නෙ...  මේක සිද්ද වුණේ 2005. ඒ කියන්නෙ සුනාමියෙන් පස්සෙ රට ගොඩ එමින් තිබූ යුග‍ය. ඒ විතරක්ද ලපය, අ.පො.ස. සා/පෙ කරෙත් ඔය අවුරුද්දෙමනෙ.

මේක වුණේ අපෙ ඉස්කෝලෙ..(ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ ). ලපය හිටියෙ E.R.ද සිල්වා ගොඩනැගිල්ලෙ තිබ්බ 11-D පංතියෙ. උදාරංග, මාතු (ආසිරි ), අරවින්ද, ලක්ෂිත (ප්‍රෙඩේටර්), නිත්‍ය, පෙතියා (පෙතියාගොඩ ), මදූෂ, රසික, සමත්, පාරමී..........11-D එකේ හිටිය ටික දෙනෙක් තමා ඔය. පන්තිය භාරව හිටියෙ ලංකා මිස්. මිස් අපේ 10, 11 අවුරුදු 2කේම පංති භාර මිස් වගේම, අපිට ඉංග්‍රීසි විෂයත් ඉගැන්නුව.


ඒ දවස්වල ඉතින් ඉස්කෝලෙ ඇරුණම පංතියෙන් අන්තිමට පිටවෙන ළමය තමයි පංතිය lock කරල යන්න ඕන. ඉතින් පංතිය lock කරන පුද්ගලය දවසින් දවස වෙනස් වෙනව. එක සිකුරාද දවසක ඔහොම පංතිය lock කරල කොල්ලො ටික ගෙවල්වල ගිහින් තිබ්බ. සෙනසුරාදා, ඉරිදා කස්ටියම ආතල් එකේ ඉඳල සඳුදා ආව කියමුකො අයෙත් ඉස්කොලෙට. එහෙම ඇවිල්ල පංතිය ඇරියම තමයි......ආතල් එක ආතල්  කෝටියක් උනෙ. :D :D :D .... සිකුරාද පංතිය වහල තියෙන්නෙ වල් බල්ලෙක් පංතිය ඇතුළට දාල. ඇතුළට දාලමත් නෙවේ... ඌ රිංගල. (පුරුද්දටද කියල කව්ද දන්නෙ...:D) බල්ල දවස් 2ක් ඇතුලෙ හිර වෙලානෙ හිටියෙ.. ඌට කන්නත් නෑ, බොන්නත් නෑ. හැබැයි පංතිය පුරාම ජරා කරල. (රීලා කිව්වම කස්ටියට තේරෙයි නෙ. :P) බල්ල මුළු පංතිය පුරාම රෙන වැඩේ යහමින්ම කරල. මුළු පංතියම ගඳගහනව ලොවෙත් නැති වෙන්නම. කොල්ලො ටිකත් ඊය// ගානව මුකුත් කරන්නෙත් නෑ. අනිත් පංතිවල උන් එනව තොරණ් බලන්න එනව වගෙ පෝලිමට.. මේ බල්ල රීපු එක බලන්න. :) :) :).. දැන් කස්ටියට ප්‍රශ්නෙ කව්ද සිකුරාදා පංතිය වැහුවෙ? කියල. දැන් බලනකොට කවුරුවත් සිකුරාදා පංතිය වහල නෑ. එක එකා එක එක දවස්වල පංතිය වහන නිසා කවුරු වැහුවද කියල හිතා ගන්න බෑ. වහපු එකත් සද්ද නෑ. එදා එහෙම පංති‍ය වහපු  එකා අහු උනානම් ඌට පට්ට බයිටක් දෙන්න තමා හිටියෙ.


ඔන්න ටික වෙලාවකට පස්සෙ පංති භාර ලංකා මිසුත් ආව. මිස්ට වැඩේට හොඳටම තද වුණා. "පංතිය හෝදල දානව. Detol දාල. මට බෑ මෙහෙම පංතියෙ ඉන්න." කියල මිස් හොඳටම කොල්ලො ටිකට බැන්න. හැබයි ඒ වචන ටිකෙන් පස්සෙ කොල්ලොන්ට full fun. මොකද දැන් English periodඑක cut. (හැමදාම අපෙ 1st period එකේ තිබ්බෙ කඩ්ඩ. හිතාගන්න පුළුවන්න්නෙ කොල්ලොන්ගෙ කඩ්ඩ කොච්චරද කියල.)


මුළු periodඑකම අරගෙන කොල්ලො ටික පංතිය හේදුව ඩෙස්-පුටු ඔක්කොම එළියට දාල. ඊළඟට තිබ්බ period එකේ අදාල ගුරුවරය පංති‍යට එනකොට පංතියෙ ඩෙස්-පුටු ඔක්කොම එළියෙ. කොල්ලොත් කිව්ව  පංතිය හෝදල, පංතියෙ තාම වතුර කියල. ඔය වගෙ 2nd period එකත් cut. කොල්ලො දැන් පංතියෙන් එළියෙ fun ගන්නව. අනිත් පංතිවල කොල්ලො හූල්ල හූල්ල වැඩ. පංතියෙ වතුර වේලෙන කොට ආයෙත් වතුර දානව. ආයෙ වේලෙන කොට ආයෙත් වතුර දානව. කොහොම හරි එදා වැඩ කලේ සිංහලයි, විද්‍යාවයි විතරයි. සිංහල කරපු නාගවත්ත සර් ඇවිත් "අද පාඩමක් කරන්න බෑනෙ. කටපාඩම් කරන්න දීපු කවි ටික කටපාඩම් දීපියව්" කියල එළියෙ ඉඳන්ම කවි කටපාඩමින් ගත්ත. විද්‍යාව නම් ඉතින් කොහොමත් lab එකට ගිහින් කරන නිසා විද්‍යාව එදා කළා. විද්‍යාව කරපු රංජිත් සර් කිව්වෙ "තමුසෙලට ඕනකමක් තිබ්බනම් මේ lab එක අරගෙන periodවල වැඩ කරන්න තිබ්බනෙ" කියල... :D :D :D. ෂික්.. අපිට ඉතින් ඕනකමක් තිබ්බෙ නෑනෙ..කියල අපි ඉතින් හිත හදාගත්ත.. :P :P


ඉස්කෝලෙ අරින්න ටිකකට කලින් අපි පංතිය අයෙත් පිළිවෙලට ඩෙස්-පුටු තියල හැදුව.


ඒ වෙලාවෙ අංශ ප්‍රධාන සර් ඇවිත් "තමුසෙල අද කිසි වැඩක් කලෙ නෑනෙ. හොඳයි// බල්ලගෙ පිටින් දාල බූරුවො ටික බේරුණ.. එහෙනම්" කියල හිනාවෙල ගියා. :D :D :D











16 comments:

  1. Patta aathal ban!!! Gindara wadak lapaya!!

    ReplyDelete
    Replies
    1. he he aniva.... thawa ewwa tiyanawa daanna... hemihita daanna inne.. :D :D
      thanx wewa!!!!!!

      Delete
  2. මට මතකයි ඔය සීන් එක ලාවට වගේ බං....නාගයටත් ඕන නැති මල රෙද්දක් නෑනෙ බං.....එළ කතාව මචෝ........

    ReplyDelete
  3. එල එල..දැන් තමයි බන් බ්ලොග් එක දැක්කේ...දිගටම ලියන්න සුභ පතනවා... කූහොමත් පාසල් කාලේ ආතල් නම් කියල නිමකරන්න බෑ

    ReplyDelete
    Replies
    1. සහයෝගයට මාගේ ස්තුතිය සහෝ......
      ඉස්කෝලේ කාලෙ කාටද අමතක....ආයෙත් එනවානම් මුළු දිවියට ආසයි ඒ ලස්සන කාලේ.... කියලනෙ කියන්නෙ.... :D :D

      Delete
  4. සොඳුරු මතක .... නේද සහෝදරයා......???

    ReplyDelete
    Replies
    1. අනිවා..............
      සහොයෝගයට තුති...!!!!!

      Delete
  5. ඇඬෙනව මචන්...........:P

    ReplyDelete
    Replies
    1. ඇඬෙනව නෙවෙයි....ආතල් කෝටියයි...

      Delete