Monday, July 30, 2012

"ඉස්කෝලෙන් පැනිල්ල ගැන" මතකය



ටික දවසක් සද්ද වහල හිටිය ලපය අද මේ හදන්නෙ ඉස්කෝලෙ කාලෙ මතකයන් ටිකක් අලුත් කරගන්න. ඉස්කෝලෙ කාලේ වෙච්චි සිද්ධියක් මීට කලින් ලපය දැම්ම. ඒක වුණෙ ලපය O/L කොරන කාලෙ. ඒක කියවන්න මෙතන කොටන්න. හැබැයි මේ සිද්ධි ටික ඉතින් A/L කාලේ වුණ සිද්ධි ටිකක්. සිද්ධි කියල කිව්වෙ මේකෙ සිද්ධි එකක් නෙවෙ සිද්ධි ගොඩක් තියන හින්ද. 


කොල්ලෙක් වුණාම ඉතින් පාසල් කාලෙ ලබන්න පුලුවන් සුන්දර අත්දැකීමක් තමා ඉස්කෝලෙන් පනින එක. (කෙල්ලොන්ගෙ පැනිලි ගැන නම් ලපය දන්නෙ නෑ ඕං....) ඉස්කොලෙන් එක දවසක් හරි පැනල නැති කොල්ලෙක් හොයාගන්නත් අමරුයි. හැබැයි ඉතින් ගුරුවරුන්ගෙ පැත්තෙන් නම් ඉස්කෝලෙන් පනින එක කියන්නෙ කණ අතගාන්න හරි ගෙදරින් ගෙන්නන්න තරම් බරපතල වැරැද්දක්. ගුරුවරුන්ගෙ පැත්තෙන් ගත්තොත් ඒකෙ වැරැද්දක් නෑ. මොකද ඉස්කෝලෙක මූලිකම දේ විනය වෙන්න ඕන නිසා. ඉගන ගන්න එක නම් ඉතින් ටියුශන් පන්තියෙනුත් පුලුවන්නෙ. විනය කියන එක ඉතින් ඉස්කොලෙන් විතරයි. 


ඉස්කෝලෙන් පනින එක, එහෙමත් නැත්නම් ඉතින් දන්න සිංහලෙන් කිව්වොත් ඉස්කෝලෙ cut කරන එක ගැන ලපයට හදිස්සියෙ මතක් උනෙ ලපයගෙ බොක්කක් වෙන මයියා, මෑන්ස්ගෙ බ්ලොග් එකේ දාල තිබ්බ පොස්ට් එකක් දැකල. ඒකත් ලපය ඇතුළු කස්ටියටම වෙච්ච දෙයක්. ඒක කියවන්න මෙතන කොටන්න.


ඉස්කෝලෙන් පනිනව කිව්වම කස්ටියට ඉතින් මතක් වෙන්නෙ තාප්ප, වැටවල් වගේ ඒවනෙ. හැබැයි ලපයගෙ ඉස්කෝලෙ නම් තාප්ප වැටවල් තරණය කරන්න ඕන වුණෙ නෑ. පනින අය හුඟක් යන්නෙ ගේට්ටුවෙන්. එහෙම යන එක චව්ව වෙනවනම් විතරයි විකල්ප මාර්ග භාවිතා කරන්නෙ. ඉස්කෝලෙ cut කරල පනින එවුන්ට පොදු හොර කැලෑ පාරවල් කීපයක්ම ඉස්කෝලෙ තිබ්බ. 


1. Prefect roomඑක ඉස්සරහ තිබෙන පොඩි ගේට්ටුවෙන් ගොස් Station එක (දුම් රිය පොළ) හරහා ප්‍රධාන මාර්ගය වෙත ළඟා විය හැකි මාර්ගය.
2. විදුහල් ගොවිපළ අසලින් වැටී ඇති මාර්ගය.
3. වඩු වැඩ කාමරය අසලින් ගොස්  Station එක හරහා ප්‍රධාන මාර්ගයට ළඟා විය හැකි මාර්ගය.
4. "ලෙබ්බෙ" නම් කැලය හරහා වන මාර්ගය.


මේ දැම්මේ ඒ වගේ තිබ්බ පොදු පාරවල් වලින් 4ක් විතරයි. තව පාරවල් තොගයක්ම තිබ්බ. (වර්තමානයේ මේ මාර්ගවල තත්වය කෙසේදැයි ලපයා නොදනී.)


ඉතින් ලපයලගෙ set එකෙ, ගේට්ටුවෙන් යාම ඇරුණම favorite මාර්ගය තමයි ඉහත සඳහන් කරපු 3 වෙනි මාර්ගය. ඔය මාර්ගය තමා බාධා අඩුම මාර්ගය. දවසක් ලපයලැයි පන්තියට උදේම තිබ්බෙ Chemistry. ඒක කලේ සිල්වා සර්. සර්ගෙ අන්තිම ගෝලයො ටික තමයි ලපයල. මොකද සර් විශ්‍රාම ගන්න තිබුනෙත් ලපයල උ/පෙ කරපු අවුරුද්දෙමයි. සිල්ව සර්ගෙ period 2ක ඉවර වුණාම තිබ්බෙ මැත period 2. එදා මැත කරන සර් නිවාඩු. ලපයලට ඒක සෑහෙන පාඩුවක්. මැත period 2ක තමා උ/පෙ කාලෙ funම period 2. (මැත කරපු පතිරගේ සර් ගැන වෙනම පෝස්ටු කීපයක් දාන්න  තමා  ලපය හිතාන ඉන්නෙ.) ඉතින් ලපයයි, අරවින්දයි, නිත්‍යයි, හික්ක set එකයි (මනුජ, විසිත්, චතුර) කස්ටිය ගෙදර යමන් කියල කතාකරගත්ත.


ඉතින් කස්ටිය එකා දෙන්න කැපිල මාරු වෙලා උඩින් කිව්ව 3 වන මාර්ගයේ ආව අලුත් පාර හන්දියට. එහෙම ඇවිත් එතන කඩෙන් කිරි පැකට් පාරකුත් දාල ක්ස්ටිය set වුණා ගෙවල්වල යන්න. හික්ක set එක ගාලු යන්න බස් එකේ නැග්ග. ලප‍යට ගෙදර යන්න විදියක් නෑ. ගෙදර කවුරුවත් ඇත්තෙත් නෑ. ගෙදර යතුරත් ලපය ළඟ නෑ. ඉතින් ලපය අරවින්දත් එක්ක උන්ගෙ ගෙදර යන්න set වුණා. අරවින්දයගෙ ගෙවල් ඉස්කෝලෙ ඉඳන් පයින් යන දුර. දැන් දෙන්න පයින් යනව shape එකෙ. එක පාරටම පස්සෙන් ආපු මෝටර් සයිකලයක් දෙන්න ළඟ නැවැත්තුව. 


"ආ....පුතේ කොහෙද මේ දෙන්නත් එක්ක??". හුටා :O :O :O... සිල්ව සර්. "සර් මේ.....අපි මේ......ගෙදර යන්න කියල..." කෙලින්ම උත්තර දුන්න. "ඇයි ඉස්කෝලෙ වැඩ නැද්ද??". "නෑ සර් අද පතිරගේ සරුත් නිවාඩු". "අනේ මන්ද තමුසෙල නම් හදන්න බෑ...තමුසෙලගෙ හොඳ වෙලාවට මමත් මේ short leave දාල යනගමන්. නැත්නම් තමුසෙල දෙන්න මන් කණෙන් ඇදන් යන්නෙ ඉස්කෝලෙට. කමක් නෑ තමුසෙල අදට යනවකො. තමුසෙල හින්ද මගේ වැඩේ පරක්කු කරගන්න බෑනෙ. හැබැයි තමුසෙල ගෙදර යන්න ඕන. වෙන කොහේවත් ගිහින් ලෙඩ දාගෙන අහුවෙනවකො බලන්න"."නෑ... සර් අපි ගෙදර තමා යන්නෙ. ගිහිල්ල පාඩම් කරන්න කියල බැලුවෙ". "අනේ මේ තමුසෙල කරන පාඩම්. කමක් නෑ අදවත් එහෙනම් පාඩම් කරනවකො. මේ මගෙන් දැන් බේරුණානෙ, වෙන කාටවත් මාට්ටු වෙන්නෙ නැතුව ඉක්මණට යන ගෙදරකට යනව". "හා...සර්". දෙන්නගෙම කෙලින් වෙලා තිබ්බ සරවාංගෙ මයිල් normal වුණේ එතකොට. 


"සිල්ව සර් හින්ද ගොඩ. කොහොමද වෙන බුවෙක් ආවනම්..??" අරවින්දය එහෙම කිව්වෙ වැටෙන්න ගිය තොප්පිය යන්තම් shape වුණ හින්ද.   


*************************************************************************

තවත් දවසක් ලපය, ලැටි, මනුජ, චතුර, චානක,....... (අනෙක් පිරිස මතක නැත.) ඉස්කොලේ cut කරන්න set වුණේ ආතල් එකට වාගේ. "මචං උඹල වඩු කාමරේ ළඟ ඉඳපන්. අපි වතුර බීල. චූපාරකුත් දාලම එන්නම්" එහෙම කියල මනුජයයි, චතුරයයි, චානකයයි වැඩේට ගිය අතර ලපයත්, ලැටීත් වඩු කාමරේ අසළට shape එකේ set වූණේ  අනික් එවුන් එනකම්. විනාඩිය 2  වුණා . දෙක 5  වුණා . පහ දහය  වුණා . එනව කිව්ව කස්ටිය තාම නෑ. ලැටී ගත්ත මනුජයට call එකක්. "අඩෝ....මම ලැටී කතා කරන්නෙ. වරෙන් බං ඉක්මණට. මොන හු*** කරනවද?" එයට පිළිතුරු ලෙස අනෙක් පසින් ඇසුණු දෙයින් රත් වෙච්චි ලැටී "මචං... වැඩේ දෙල් වෙලා...අරුන් අජාට මාට්ටු වෙලාද කොහේද...අපි මාරු වෙමු". ලපයා ලැටීගේ කීමට සුපුරුදු පාරෙන් ගොස් නැවතුණේ ගෙදර. වෙච්ච සිද්ධිය ලපයා දැනගත්තේ පහුවෙනිදා.


සිද්ධිය මෙසේය: වතුර බොන්නට ගිය කස්ටිය ටැප් එක ළඟදී අජාට මාට්ටු වී ඇත. (අජා යනු ලපයගෙ ඉස්කෝලේ සිටි නි.වි. කෙනෙකි. කොල්ලෝ ඔහුට ආදරේට කිව්වේ අජා කියාය. :P :P :P :P) අජා කෙලින්ම කස්ටියගේ phones අත්තඩංගුවට ගෙන ඇති අතර ලැටී call කර ඇත්තේ එවේලෙහිය. අජාට "ලැටී" යන්න ඇසී ඇත්තේ "ලැන්ටී" ලෙසය. එවිට "කව්ද ලැන්ටි කියන්නේ.....??" කියා අජා කස්ටියගෙන් අසන එක ලැටීට phone එකෙන් ඇසීම නිසා ලපයාට හා ලැටීට බේරීමට වසනාව ලැබී ඇත. :D :D :D



ප.ලි. :- ඉහත පෝස්ටුව comedy පොස්ටුවක් නොවේ. දැන් බ්ලොග්වල දැම්මද එකල ඕවා ඇඟේ මයිල් කෙලින් වෙන ඔලුව මඤ්ඤං වන සිද්ධිය. අප කාටත් ඔය වාගේ මතකයන් පාසල් කාලයේ ඇත. ඒ ගැන සැකයක් නම් නැත. 

පින්තූරෙ ගත්තෙ:-
http://barbieprincesscartoon.blogspot.com/2012/01/school-cartoon.html



Monday, July 9, 2012

ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය - "රළ" කිසිදා නොනවතින්නේම ය...



දිනය පසුගිය ජූලි 7 වෙනිදාය. ස්ථානය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයයි. එදින ගාල්ලට ඓතිහාසික දිනයක් වූවේය. ඒ කාරණා කිහිපයක් නිසාය. ඉන් පළමුවැන්න නම් ප්‍රසංග වාර 1500කට ආසන්න ප්‍රමාණයක් වේදිකාගත වූ ශ්‍රී ලාංකික සංගීතයේ සලකුණක් බඳු වූ විශාරද ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ  "ස" ප්‍රසංග මාලාවේ ගාලුපුර අවසන් "ස" ප්‍රසංගය උක්ත දිනයේ උක්ත ස්ථානයේ පැවැත්වීමය. දෙවැනි කාරණය නම් කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය වසර ගණනකට පසු පිරී ඉතිරීයාමය (House full වීමය.). තෙවැන්න වනුයේ එහි සංවිධාන කටයුතු කළ පිරිසය. සුවහසක් ජනතාවගේ හදවත් දශක කිහිපයක් පුරාම සප්ත ස්වරයෙන් පිනවූ ඒ ඓතිහාසික ප්‍රසංග මාලාවේ ගාල්ලේ අවසන් ප්‍රසංගය සංවිධානය කළ පිරිස??????????


ලපයා දැන් කියන්නට යන්නේ ඒ පිරිස ගැනය. ලපයාද එම පිරිසේම එකෙක් බව කියන්නේ සැබෑ ආඩම්බරයෙනි. ඒ පිරිසේ  ආරම්භය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. 2008 දී රිච්මන්ඩ් විද්‍යාලයෙන් අ.පො.ස. උ/පෙ ලියූ පිරිසෙන්, තමන් අකුරු කළ පාසල් මෑණියන් හට උදාර වූ සේවයක් කිරීමේ උතුම් අරමුණින්ම දියත් කරන ලද කණ්ඩායම "රිච්මන්ඩ් රළ 2008" වශයෙන් සමාජ ගතවිය. උක්ත ප්‍රසංගයේ සංවිධාන ශක්තිය 100%ක් ඔවුන්ගෙනි. ප්‍රසංගය තුළ "රළ 2008" වුවද (යම් යම් ප්‍රශ්න මත ) අන්තර්ගත ප්‍රාණය රිච්මන්ඩ්කමයි.  
(විධිමත් බසින් ලිවීම අවසන්...........:):):) )




 වැඩේ පටන් ගන්නේ 2012 මාර්තු මස "රළ 2008 ගෙට්" එකට දිනකීපයකට කලින්ය. "ගෙට්" එක දවසේ ප්‍රසංගය ගැන රළ සභාපති කියූ විට අත්පොළසන් ලැබුණේ එකසිය ගාණටය. කස්ටිය අමුතු කික් එකකින් වැඩ පටන්ගත්තා පමණි. වැඩේට බාල්දි එකක් නොව, දෙක තුනක් පෙරලුණේ "රළ" නිසල කිරීමටදැයි කියන්නට දන්නේ නැත. මූණු පොතේ මත විමසුම, බාල්දි ආපිට පෙරලුවේ මුහුදේ රළ පොලීසියෙන් දාලාවත් නවත්තන්නට නොහැකි බව පසක් කරගෙනය. කස්ටියම කීවේ "වැඩේ කරමු..මචංලා.." කියාය. රළ කොල්ලන්ට මේවා නුහුරු නුපුරුදු එව්ව නොවේය. ගාල්ලම හෙල්ලූ "විදුරුත් නින්නද 2008", බාල්දි පෙරලෙද්දී නොව බාල්දිවලින් ගහද්දීම කලේ...මේ අයියලා ටිකම බව දන්නෝ දනිති. ඒ ඉස්කෝලේ යන සූකිරි කොල්ලෝ කාලයේදීය. 


වැඩේ කරගෙන යාමට "රිච්මන්ඩ් රළ 2008", "රළ 2008" විය. රැයකින් පෝස්ටර්, කටවුට් වැදුණේ  රළ, සුනාමියක් වන බවට ඉඟි කරමිනි. ටිකට් විකිණීමට විධායක මඩුල්ල plan ගසා තිබුණි. 


"ස" පෝස්ටර්


ලපයාටද මදි නොකියන්නට ටිකට් ලැබුණි. ගෙදර ගොස් ටිකට් පෙන්වූ විට මෝටාර් ප්‍රහාර එල්ල විය. ඉස්කෝලේ වගකිවයුත්තෙක් තාත්තාට මුණ ගැසී කලින්ම ගින්න දීලාය. තාත්තා මගින් විකුණන්නට තිබූ ටිකට් විකිණීම සිහිනයක්ම විය. ලපයා, උදාරංග සමඟ ගේමට බැස ටිකට් විකුණුවේය. ඉහත කතාව කිව්වේ රළේ සැවොම ටිකට් විකුණන්නට කාපු කට්ට අඟවන්නටය. මුලදී ටිකට් එපා කියූ අය පසුව වද දෙන්නට වූයේ "අර ටිකට් මෙච්චර ඕන, මේව මෙච්චර ඕන" කියාය. සීට් ගණනට ටිකට් විකිණින. "මචන් අද ටිකට් කීයක් දුන්නද? කොහොමහරි ටිකට් දීපිය"යි කියූ සංවිධා‍යක මඩුල්ල "දැන් එක ටිකට් එකක්වත් දෙන්න එපා යකො...show එක දවසෙදි මිනිස්සු ගහන්න ආවොත් උඹලම කාපං ගුටි......!"£$%^&*, House full බං" කියන්නට විය.


පසුගිය ජූලි 7 වෙනිදා ශ්‍රවණාගාරය අතුරු සිදුරු නැතුව පිරී ගියේය. "දැන්නම් House full" "නෑ// අපි හිටගෙන හරි බලන්නම්...ටිකට් දෙන්නකො...." මිනිස්සු පොරකන්නට විය.  




"ලපයට මඤ්ඤංද????....හරි‍යට උන්ගේ රළද මොකක්ද එකෙන් විතරයි වගේ House full showඑකක් කරෙ.....උගේ හෙණ ලොකු සීන්..." මෙහෙම හොහිතුණා නම් තමා පුදුමෙ. සමහරුන්ට රළ 2008 එවුන් පොඩි එවුන්ය. "උන් කොහොමද ඕකේ වියදමවත් cover කරගන්නෙ...... :/ :/ :/.." කතාව ඇත්තය. නැට්ටට කිරි උරන්නට අරගෙන යන්තම් වසර දහයක් ගෙවෙන තැන ඉන්න පිරිසකි "රළ 2008". නමුත් ලපයාට හැඟෙන දැනෙන පරිදි "රළ 2008" කලේ..... සම වයසේ කවුරුවත් නොකළ වැඩකි. අපගේ තවත් සහෝදර පාසලක 2008 කණ්ඩායම පාසල හැර ගිය පසු ප්‍රථමවරට කස්ටිය එකතු කර ක්‍රිකට් මැච් එකක් ගැහුවේ මේ පසුගියදාය. "රළ 2008" කොල්ලෝ ඒක පාස් කර දැන් ගොඩක් කාලයක් ගතවී ගොසිනි. එහෙයින් මේ කාර්යය එවැන්නන් හට සිතන්නටවත් පුළුවන් කාර්යයක්ද??


අර්ථයෙන්ම පොහොසත් වූ මනසක් "රළ 2008"ට උරුම කළ  රිච්මන්ඩ් මාතාවට උපහාරයක්ම වේවා......!!!!!!! "රළ 2008"න් රිච්මන්ඩ් මෑණියන්ට වෙන සේවය ඉක්මණින්ම සිදු වේවි.... එදාටත්  අනිවා ලපය පොස්ට් එකක් දානව. :) :)






මහ මුහුදෙ රළ ගහන්න පටන්ගත්ත දවස කවුරුවත් දන්නෙ නෑ... රළ ගහන එක ඉවර වෙන දවස කවුරුවත් දන්නෙත් නෑ......රළ ගහන එක කවදාවත් නවතින්නෙත් නෑ.......මොන බාධක තිබුනත් රළ ගහනව......ඒකයි ඇත්ත....





පසු සටහන:- 

ගාලු පුර අවසන් "ස" ප්‍රසංගය සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වූ "රළ 2008" සහෝදර කැලට මේ පෝස්ටුව උපහාරයක්ම වේවා!!!!!!! 




රළ 2008 කණ්ඩායම විශාරද ආචාර්ය වික්ටර රත්නායක මහතා සමඟ




පින්තූර අනුග්‍රහය :- පුන්සිසි විද්‍යාරත්න සහෝදරයා ප්‍රමුඛ රළ 2008 ඡායා රූප ශිල්පීන්






























Wednesday, June 27, 2012

Coke එපා, Pepsi එපා.... :P :P




ඔබාමත් හෙලුවෙන්ලු.....
Coke එපාලු
Pepsiත් එපලු

අනේ මන්දා???
එතකොට ඇමරිකාවෙන් ණය???
එවත් එපාලුද?


පින්තූරෙ ගත්තෙ :- http://www.fmnewsnewyork.com/news/local/story.aspx?ID=1667472

Saturday, June 16, 2012

කතරගම..............




දිගු ගමනකට පස්සෙ - නැවතුණා වාහනය...
නවාතැන් පොළක් ළඟ - කලින් 'බුක්' ලද...
දන්නේම නැතිව - ඇවිත් කතරගමටම...
'ඉක්මණට ඉක්මණට' - අම්මාගේ හදිස්සිය...
යන්නට හතේ පූජාවට...




මුලින් කිරි වෙහෙර - වැඳ පුදා ගත යුතුය...
එයින් ලද මහඟු පින - අනුමෝදන් කරමු කදිර සුරිඳුට...
එයයි පිළිවෙල - නිසි අනුසස් ලැබුමට...
මා අසා තිබූ එය - සත්‍යයකි සිතන කළ...
බොහෝ දෙන නොදන්නවාට...


කිරි වෙහෙරට - යන පාර..
සුන්දරය පියකරුය - සිත මඳක් සනසවන...
'අනේ අපෙනුත් මල් ගන්න' - නුපුරුදු නොවේ අතරමඟ...
අක්කලා නංගිලා - පොරකති අපට මලක් විකුණන්න...
කිරි වෙහෙර පුදන්නට...




සිතුණි මට - එක දෙයක් ගැන...
භක්තියක් සිතින් ගෙන -  වන්දනාවේ යන්න.. 
පුදබිමකි අපට කතරගම - දොහොත් මුදුන් දී වඳින...
මේ අක්කලා, නංගිලාට - ජීවන මං තෙරයි කතරගම...
බඩ වියත රැකගන්නට...



සැ: ‍යු: -  මෙම නිසඳැස ලපයා විසින් අ.පො.ස. උසස් පෙළ  කේවල ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ "පන්හිඳක අඬහැරය" නිසඳැස් සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී. 


පිංතූර ගත්තෙ: -
http://www.panoramio.com/photo/61667914
http://www.ds.gov.lk/ds/katharagama/english/index.php?p=special_attraction




Wednesday, June 13, 2012

Project එකේ වැඩ හිරවෙලා......"£$%^&




2012 අවුරුද්ද පටන් ගත්තෙ අතල් එකේ.......ඒ මොකද කියනවනම්.. ලපය කරන course එකේ අන්තිම අවුරුද්ද තමා 2012. (හරියට කර ගත්තොත් තමයි. නැත්නම් ඉතින් තව අවුරුද්දක් අදින්න වෙනව සැප කණේ තියාගෙන.) 


පටන් අරන් මුල් සතියෙ ඉඳන්ම ලපයයි බැචාලයි ඔක්කොම දත කෑවේ final year project එකක් හොයා ගන්න. Project එක හැබයි individual....ඒ කියන්නෙ තනියම තමා කරන්න තියෙන්නෙ... 


Project එක තනියම කරන්නත් ඕන.. හැබැයි කලින් කරපුව කරන්නත් බෑ... එහෙම කරනවනම්.. lecturersල කියන අලුත් කෑලි-බෑලි add කරන්නත් ඕන. (මොකද මේක UK course එකක්නෙ. ලොකු කමට කියනව නෙවේ..ලංකාවෙ group උනාට එහේ.. individualලු.) 


කොහොමින් කොහොම හරි Car park එකක් සම්බන්ධ project එකක් තෝර ගන්න ලපයට පුලුවන් වුණා කියමුකො.....


ඊට පස්සෙ Project Proposal එක දීල proposal presentation එකත් කළා කියමුකො.....


ඊට පස්සෙ සිංහල අලුත් අවුරුද්දයි, semester end exam එකයි ආපු හින්දා ලපයට project එක ගැන මතකවත් නැතුව ගියානෙ.... 


ලපයට විතරක් නෙමේ...බැචාල හුඟ දෙනෙකුට එහෙම වෙලාලු... 


Dial එක ඕන බඩු මුට්ටු ටික නම් order කරල ගෙන්න ගත්ත නොවැ.. 


හැබයි ඒ මුකුත් මේ සතිය වෙනකම් ඇල්ලුවෙවත් නෑ... මේ සතියෙ ඉඳන් ලපය එව්ව අතපත ගාල හෝ ගාල වැඩ පටන්ගත්ත.....


මොකද දන්නවද??...මේ මාසෙ අග project එකෙ progress එක බලන viva එකක් තියනව කියල ආපු ආරංචියට..... 


දැන් ලපයා ඉරාගෙන project එකේ වැඩ කරන්නෙ.... ඒ මොකද progress viva එකේදි project එක 50%ක් ඉවර කරල තියෙන්න ඕනෙයි කියල කතාවක් යන හින්ද.... 50% බැරි නම් 35%ක් වත් කරගන්න පුළුවන් වෙයිනෙ... 



ලපයට දැන් මතක් වෙන්නෙ... ලපයගෙ තාත්තා, ලපය උ/පෙ කරන කාලෙ ලපයට කිව්ව කතාවක්.... 
"ඕයි, තමුසෙ විභාගෙට කලින් දවස වෙනකං ඉන්නෙ නැතුව... දැන් ඉඳන් ටික// පාඩම් කරපිය.." කියල.... 


එතකොට ලපය කියපු කතාව මොකද්ද දන්නවද??
 "අයියෝ තාත්තෙ...මම නිකන් පකිස්තාන් Cricket team එක වගේ... මුලින් ලෑල්ල දාල පස්සෙ අන්තිම හරියෙ අෆ්‍රිඩි ගහනව වගේ.. 6 ඒව ටිකක් ගහල මැච් එක ගොඩ දානව"කියල. 


උ/පෙ නම් ෂේප් උනා.... 


දැන් තමා තේරෙන්නෙ..තාත්තගෙ කතාවේ වටිනකම......


ඕනම වැඩක් කරද්දි මුල ඉඳන්ම ටික ටික ඉස්සරහට යන එක තමා හොඳ....
(ලපය බක පණ්ඩිත සීන් දානව කියල හිතන්න එපා....ලපයත් ඉස්සරහ එන වැඩ ඔක්කොම එහෙම කරන්න තම හිතාන ඉන්නෙ...) 


පිංතූරෙ ගත්තෙ: - http://permanentstressrelief.com/